අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සං‍යුතිය


ආසියානු ක්‍රිකට් කුසලානයේ අද (13) ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ පිතිකරණ පෙළගැස්ම සිම්බාබ්වේ තරගයේදී තිබූ ආකාරයටම නොවෙනස්ව පවතින බවත්, වේග පන්දු යවන්නන් තිදෙනෙකුගේ සංයෝගයක් මත විශ්වාසය තබන බවත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසා තිබෙනවා.

ඔහු මෙම අදහස් දක්වා තිබුණේ තරග සූදානම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් .
වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරද නැවත කණ්ඩායමට එක්වන බව අසලංක ප්‍රකාශ කර තිබුණා.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නැවත පැමිණීමත් මෙහිදී තහවුරු වුණා.