තියුණු සටනකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ජයත් ලබයි


ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. 

මෙහිදී ශ්‍රී ලංකාවට හොංකොං කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 153ක් රැස්කරමින් පසුකළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජග්‍රහණයේ නියමුවා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් ලබාගැනීමට සමත්විය. 

කුසල් පෙරේරා ලකුණු 20ක් රැස් කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පන්දු යැවීමට තීරණය කරා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිවිසි හොංකොං කණ්ඩායම කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 149ක් ‍රැස් කරා.

හොංකොං කණ්ඩායම වෙනුවෙන් Anshuman Rath ලකුණු 48ක් ලබාගත් අතර, Zeeshan Ali ලකුණු 23ක් සහ Nizakat Khan ලකුණු නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර ලකුණු 29කට කඩුළු 2ක්, වනිදු හසරංග ලකුණු 27කට කඩුළු 1ක් ද, දසුන් ශානක ලකුණු 5කට කඩුළු 1ක් දවාගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.