ඇෆ්ගනිස්ථානය පරදා බංග්ලාදේශයට ජය ලබයි


ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියට අදාළව ඊයේ පැවති තවත් තරගයකින් ඇෆ්ගනිස්ථානය පරදා ලකුණු 08ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ පිල සමත් වුණා.

බී කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඇෆ්ගනිස්ථානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

ඒ අනුව මෙම තරගාවලියේ බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය බංග්ලාදේශය පසුවන අතර ඇෆ්ගනිස්ථානයට හිමිව ඇත්තේ 03 වන ස්ථානයයි.

බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවයි.

මේ අතර, ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ එක්සත් අරාබි එමීර් සහ පාකිස්තානය අතර තරගය අද පැවැත්වෙනවා.