පස්වරක් අනු සූරියෝ දිනූ සූරතාවයේ කතාව
පස්වරක්ම අනු සූරතාවය ලබා සිටිය ද,ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියානු කුසලානය අත් පත් කර ගන්නට හැකියාව ලැබී තිබුණේ නැත.කාලයත් සමඟ ඉන්දියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් සිඳු වෙමින් ඔවුන් ආසියාවට පමණක් නොවී ලෝකයටම අභියෝගයක් වන මට්ටමට වැඩෙමින් තිබිණ.ඒ සමඟ දක්ෂතා අතර පරතරය වැඩි විය.මේ දක්ෂතා අතර පරතරය පියවීමට සම්පත් අතර පරතරය ද හීන කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවබෝධ කර ගැනීමත්,විශේෂයෙන් චමරි අතපත්තුට නායිකාවක ලෙස නිදහසේ වැඩ කරන්නට ලැබුණු පරිසරයත්,ප්‍රධාන පුහුණුකරු ඒ වෙනුවෙන් සිය වෘත්තීය වගකීම හරහා ලබා දුන් නිදහසත් පසුකලෙක ඉන්දියාවට දැනෙන්න ක්‍රීඩා කළ හැකි රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්ථනය කරමින් තිබිණ.
විශේෂයෙන් අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් ද දකුණු ආසියාව ඇතුළත ඉන්දියාවට පමණක් පිටුපසින් සිටින මට්ටමට දක්ෂවීමත්,ඕස්ට්‍රේලියාව,එංගලන්තය වැනි රටවල එම වයස් කාණ්ඩයන්හී ක්‍රිකට් සමඟ සම තැන් ගැනීමේ මට්ටමට දියුණුවීමත් සමඟ ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් සහ ලංකාවේ කාන්තා ක්‍රිකට්වල වර්ථමානය කිරා මැන බලන්නට අවස්ථාවක් ආසන්න දිනක උදා වී තිබුණේ නැත.ඒ අවස්ථාව උදා වූයේ ජූලි 28 වන දා දඹුල්ල රන්ගිරි දඹුල්ල ක්‍රිඩාංගණයේදී ආසියානු කුසලානය හිමිවන්නේ කාටද යන්න තීරණය කිරීම උදෙසා පැවති තරගයේදීය.තරගයට පෙරාතුවම චමරි පවසා තිබුණේ අවසාන තරගයේ ජයග්‍රහණය ලකුණු 175 න් විසඳා ගන්නට තමන් සූදානමින් සිටින බවය.ඉන්දියාවට එරෙහිව 175 ක් රැස් කිරීම හෝ ඉන්දියාව 175 ක් රැස් කළහොත් එය හඹා යාමට තම කණ්ඩායමට පුළුවන් විය යුතු බව චමරි තරගයට පෙර ප්‍රකාශ කර තිබිණ.
ඔවුන් තරගයට ආවේ මේ වසරේ ජාත්‍යන්තර තරග 17 දී තුනක් පමණක් පරාජය වී 14 ක් ජය ගත් හොද පසුබිමක් විසින් සකසා දුන් විශ්වාසයක් සමඟය.එසේම ඒ තරගවලදී චමරි පමණක් නොවන තවත් දක්ෂ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව සතුව සිටින බවට ඔප්පු කර පෙන් වූ කිර්තිමත් වටපිටාවක් සහිතවය.මේ තරගයේ දී ඒ සියල්ල මැනවින් පිළඹිඹු විය.චමරි පමණක් නොවන බව හර්ෂිතා මාධවී,කවීශා දිල්හාරි සමඟ පෙන්නා දුන් අයුරු අපූරුය.
ඒ ගැන චමරි කීවේ තමන්ද පුදුම වූ බවය.දිනිය හැකි බව දැන සිටියත් මේ තරම් සැහැල්ලුවෙන් කඩුලු 8 ක ජයක් තමන්ගේ ජයෙන් දැවීමෙන් පසුව හිමිවනු ඇතැයි චමරිවත් විශ්වාස නොකළ බව ඒ කතාවේ ගැබ් වී තිබිණ.ලකුණු 165 ක් ඉන්දීය කණ්ඩායම වැනි ප්‍රබල කණ්ඩායමක් රැස් කළ පසුව ඇති වන පීඩනය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මුහුණුවල ගෑවිලාවත් තිබුණේ නැත.එහි ප්‍රකාශකයා ලෙස බොහෝ විට රූපවාහිනි කැමරා මෑණුනේ ඉනෝශි ප්‍රනාන්දු වෙතය.ඇය පහරින් පහර දිරි දෙමින්,ඔල්වරසන් දෙමින් සිය සහෝදර ක්‍රීඩිකාවන්ට සුබ පැතුවේ පසුපෙළ පිතිකාරිණියක ලෙස ඇයට පිටියට යන්නට අවශ්‍යය නොවන බව දැඬිව විශ්වාස කරන බවට ඉඟි සපයමින්ය.
මේ විශ්වාසය වෘත්තීමය ස්වභාවය ලෙස හැඳින්විය හැකිය.අලුතෙන් එන ක්‍රීඩිකාවෝ පුහුණු පුරුදු වන්නේ වෘත්තිමයභාවයේ ඉහළදී අවශ්‍යයම ආත්ම විශ්වාසය ය.සචින් නිසංසලා අවසාන තරගයේ එකොළහ අතරට කැඳවන්නේය.ඇය පන්දු ඕවර් 2 ක් යවා ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කොවුර් ගේ කඩුල්ල ගැනීමෙන් නොනැවතී ශ්‍රී ලංකාවට හිසරදයක්ව රෝපනය වෙමින් තිබූ ජෙමීමා රොඩ්රිගෝස් ගේ කඩුල්ල ද බිඳ දමන්නට ඇයව දුවද්දී දවා ගන්නට අපූරු පන්දු රැකීමක නිරත වෙනවාය.හර්ෂිතා තමන් අතින් ගිලිහී යන උඩ පන්දුව මෙන්ම ඉන් අනතුරුව සියයට පනහෙ පනහෙ ප්‍රතිශතයකින් රැකිමට හැකිද නැති ද යනුවෙන් හැඳින්විය හැකි උඩ පන්දුවද ගණනය කර තිබුණේ තමන් අතින් ගිලිහී ගිය උඩ පන්දු දෙකක් හැටියටය.
ඒ දෙක වෙනුවෙන් කොච්චර ලකුණු ප්‍රමාණයක් වුව හඹා යාමට තමා ඉදිරිපත් වන බවට ඇති කර ගත් තිර අදිටන ඇය හමාර කරන්නේ ශ්‍රී ලංකාවට ප්‍රථමවරට කාන්තා ආසියානු කුසලානය දිනා දෙමින් අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවද වෙමින්ය.තරගය ගැන පසු සටහනකට වඩා වැදගත් වන්නේ ඔබට නැවත විකාශයකින් හෝ තරගය නැවත නරඹන ලෙස ඉල්ලා සිටීමය.මන්ද ඇඟේ රෝම කූපයක් ගානේ උද්වේගය,සතුට සහ ප්‍රීතිය ඇති කරන අකුරු වූ වචනවලට නැති හැකියාවක් මිනිසුන්ව ආකර්ශණය කර ගන්නා හැඟිම්වල තිබෙන බව අප දන්නා බැවින්.ලකුණු පූවරුව පහත දක්වා ඇත.
Social Plugin