ඩූපොන්ට් පළමු රන් පදක්කම සත්කාරකත්වයට දිනා දෙන්නට ප්‍රංශයට නායකත්වය දෙයි
ප්‍රංශය සතු වූ අත්දැකීම් බහුල ඇන්ටොයින් ඩූපොන්ට් ගේ නායකත්වය සහ කුසලතාව සමඟින්, ප්‍රෙක්ෂකයින් 69000 ක් අතරෙන් බහුතරයක් වූ ප්‍රංශ වාසීන්ගේ පමණක් නොව සමස්ත ලෝක වාසී රගර් ලෝලීන්ගේ ආදරය සහ ගෞරවයට පාත්‍රවෙමින් මෙවර ප්‍රංශය සිය මව් රටේ පැවත්වෙන පැරිස් 2024 ඔලිම්පික් උළෙලේ සත් සාමාජික රගර් රන් පදක්කමට උරුමකම් කීවේය. ඒ දෙවරක්ම ඔලිම්පික් රන් පදක්කමට උරුමකම් කියා සිටි ෆීජී දූපත් කණ්ඩායම ලකුණු 28 – 7 ක් ලෙස පරාජයට පත් කරමින්ය.
ප්‍රංශ 15 දෙනාගේ රගර් කණ්ඩායමේ නිශ්චිත සථානය සමඟ සුපිරි සය සාමාජික රගර් තරගාවලිය ද,එම රගර් ආකෘතිය ඇතුළේ දිනා ගත හැකි වරප්‍රසාද ද,ප්‍රංශයට මෙවර සත් සාමාජික ඔලිම්පික් කිරුළ දිනා දීම වෙනුවෙන් ඉවත හළ,ඩූපොන්ට් අවසානයේ එය සාර්ථක කර ගනිමින් කැපී පෙණෙන දස්කම් දැක්වීය.
උත්සාහක දිණුම් දෙකකට වග කියමින් ද,තවත් උත්සාහක දිණුමකට සහය වෙමින් ද ඩූ පොන්ට් ප්‍රංශයට ඓතිහාසික ජයක් ලබා දීම වෙනුවෙන් ගත් තීරණයට සාර්ථකත්වය ළඟා කරමින් තරගාවලිය නිමා කළේ දෙවරක්ම ඔලිම්පික් රන් කිරුණ දරා ගෙන පැමිණි ෆීජී අභිමානය රත්තරන්වලින් රිදි දක්වා පහත හෙළමින්ය.
Social Plugin