ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ පැවති තරඟයේ ලකුණු සමවීම නිසා ක්‍රියාත්මක වූ සුපිරි පන්දු වාරයේ (Super Over) සිව්වන පන්දුවේදී දසුන් ශානක දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස සංඥා කළද පසුව එම තීරණය වෙනස් කරමින් විනිසුරුවරයා සංඥා කළේ නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙසයි.
මේ පිළිබඳව ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමු විය.
එම අවස්ථාවේදී විනිසුරුවරයා පළමුවෙන් ලබාදුන් තීරණය අභියෝගයට ලක් කළ දසුන් ශානක, මිනිත්තු කිහිපයකට සිය කඩුල්ල බේරා ගැනීමට සමත් වුණා.
එහෙත් ඊට පසු පන්දුවේදී අවාසනාවන්ත ලෙස ඔහු දැවී ගියේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ දමමින්.
සුපිරි ඕවරයේ සිව්වැනි පන්දුවේදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං (Arshdeep Singh) එල්ල කළ පන්දුවකට කඩුල්ල පිටුපසින් දැවී යාමක් (Caught Behind) සඳහා ඉල්ලීම් කළ විට විනිසුරු දැවී යාමක් සටහන් කළා.
ඒ මොහොතේම කඩුලු රකින සංජු සැම්සන් (Sanju Samson) විසින් ශානකව දුවද්දී දැවීමට (Run Out) ලක් කරමින් කඩුල්ල බිඳ දැමීමට සමත් වුණා. කෙසේ වෙතත්, ශානක එය නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටියා.
ඔහු තර්ක කළේ විනිසුරුගේ මුල් තීරණය නිසා පන්දුව ‘අජීවී පන්දුවක්’ (Dead Ball) බවට පත් වී ඇති බවයි. ඔහු මුල් තීරණය සඳහා තීරණ සමාලෝචනය (DRS) කරන ලෙස ඉල්ලා සිටියා.
ශානකගේ මෙම නීතිමය තර්කය නිසා DRS මඟින් ඔහු දැවී නොගිය බව තහවුරු වූ පසු, ඒ වන විට සිදුවී තිබූ දුවද්දී දැවී යාමද ස්වයංක්‍රීයව අවලංගු වුණා.
Social Plugin