ආසියානු අවසන් මහ තරගයට පෙර පාකිස්තානු පුහුණුකරු සිදු කළ විශේෂ ඉල්ලීම


ඉරිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී, පිටියේ උණුසුම්කාරී තත්ත්වයන්ගෙන් බැහැරව ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් තම ක්‍රීඩකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

දෙරට අතර මීට පෙර පැවැති තරග දෙකේදීම දැඩි උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වීම මීට හේතුයි.

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ පිළිබඳ අදහස් දක්වා සිටියා.

බංග්ලාදේශයට එරෙහිව සුපිරි හතර දෙනාගේ වටයේදී ලැබූ තියුණු ජයග්‍රහණයත් සමඟ, පාකිස්තානය ඉතිහාසයේ පළමු වරටයි ඉන්දියාව සමඟ ආසියානු කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ඇත්තේ.