උඩපන්දු අතහැරීමෙන් ඉන්දියාව තැබූ වාර්තාව


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම උඩපන්දු අත්හැර දැමීමේ වාර්තාව තබා තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහි සුපිරි හතර වටයේ තරගයේදී ඉන්දියාව ලකුණු 41ක ජයක් වාර්තා කළ ද, උඩපන්දු 5ක් අතහැර දමනු ලැබුවා.

ඒ සමඟම ඔවුන්ගේ උඩ පන්දු අත්හැරීම 12ක් දක්වා ඉහළ ගියා. ඊට පෙර හොංකොං කණ්ඩායම මේ තරගාවලියේදී උඩ පන්දු 11ක් අත්හැර තිබුණා.

මෙවර තරගාවලියේදී මෙතෙක් බංග්ලාදේශය අත්හැර දැමූ උඩපන්දු සංඛ්‍යාව 8ක් වන අතර, උඩ පන්දු අත්හැරීමේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව අත්හැර දැමූ උඩපන්දු සංඛ්‍යාව 6ක්.