ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩාවේ ඔලිම්පික් අභිලාෂයන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක පියවරයන් ගොඩනඟන බැවින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් මෙම පියවර නිවේදනය කරන කර තිබුණා.
පසුගිය වසර පුරා කටයුතු පිළිබඳ ගැඹුරු සමාලෝචනයකින් සහ ප්‍රධාන කොටස්කරුවන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වීමෙන් පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), ඊයේ එක්සත් ජනපදයේ ක්‍රිකට් හි ICC සාමාජික තත්ත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම තහවුරු කළා.
USACහි අත්හිටුවීම පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන T20 ලෝක කුසලානයට හෝ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ජාතික කණ්ඩායමේ සහභාගීත්වයට බලපාන්නේ නැත.
ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී, “නිදහස් හා සාධාරණ මැතිවරණ” පැවැත්වීමට සහ “පුළුල්” පාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට USAC වෙත මාස තුනක් ලබා දී තිබුණි.
ඉන් මාස දෙකකට පසුව මෙම අත්හිටුවීම සිදුකර තිබේ.
Social Plugin