ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වෙයි


ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ සමඟම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත් වුණා.

සුපිරි හතරදෙනාගේ වටයේ ඊයේ රාත්‍රියේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු‍ 6ක් දැවී ලකුණු 168 රැස් කළා.

පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු‍දෙනා දැවී රුස්කළ හැකිවූයේ ලකුණු 127ක් පමණයි.

ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවුණා.

ඉන්දියාව ලැබූ ජයත් සමඟ නොනිල ලෙස තරගාවලියෙන් ඉවතට විසිවී සිටි ශ්‍රී ලංකාවට ඊයේ නිල වශයෙන්ම ඉවත් වීමට සිදු වුණා.