අද ඇරඹෙන ටී 10

 





අද ඇරඹෙන ටී 10 


පළමු වරට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පන්දු ඕවර් 10 ලීග් තරගාවලිය වන එල්පීඑල් ටී 10 තරගාවලයේ සමාරම්භය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.ඒ අනුව අද දිනයේ තරග 3 ක් පැවත්වීමට නියමිත අතර පස්වරු 4.00 තරග ආරම්භ වීමට නියමිත වුව ද,පස්වරු 2.00 සිට ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුල්විම සඳහා අවස්ථාව සළසා ඇත.

අද පැවත්වෙන තරග

16.00: යාපනය ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්


18h15: නුවරඑළිය කිංග්ස් සහ කලම්බු ජගුවර්ස්


20.30: මහනුවර බෝල්ට්ස් සහ ගාලු මාර්වලස්


තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හයට අදාළ නායකයන් ද පහත දක්වා ඇත.

කළම්ඹු ජගුවර්ස්: ඇන්ජලෝ මැතිව්ස්


ගාල්ල මාවර්ලස්: මහේෂ් තීක්ෂණ


හම්බන්තොට බංග්ලා කොටි: දසුන් ශානක


යාපනය ටයිටන්ස්: ඩේවිඩ් වීස්


මහනුවර බෝල්ට්ස්: තිසර පෙරේරා


නුවරඑළිය කිංග්ස්: සෞරබ් තිවාරි


මේ සමඟ ඇත්තේ තරගාවලියට පෙර එම කණ්ඩායම් පෙර පුහුණුවීම් සඳහා සහභාගි වූ අවස්ථා කිහිපයක් සහ තරග කාල සටහනයි.