දසුන් ශානකගේ නම ඉදිරියේ අවමන් සහගත වාර්තාවක් ලියවෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක විසින් පෙරේදා (23) පාකිස්ථානය සමඟ පැවති තරගයේ දී ලකුණු රැස් කරගැනීමට පෙරම තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු 0කට දැවී ගියා.

එය සටහන් වූයේ ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දසුන් ශානක ලකුණු 0කට දැවී ගිය 14වන අවස්ථාව ලෙසයි.

ඒ අනුව ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස තරග තුළ වැඩිම වාර ගණනක් ලකුණු 0ට දැවී ගිය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ද දසුන් ශානක යි.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ බංගලාදේශ ක්‍රීඩක සවුම්‍ය සංකර් රැඳී සිටිනවා.