ඉන්දියාව, ඕස්ට්‍රෙලියාව සහ එංගලන්තය හැර අනෙකුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා ජාතීන් සඳහා දින හතරක ටෙස්ට් තරග අනුමත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සූදානම් බව ක්‍රීඩා මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබෙනවා.
මෙය 2025-27 ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේදී ක්‍රියාත්මක නොවන අතර 2027-29 ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේ සිට ක්‍රියාත්මක වීමට අවධානය යොමු කර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.
කෙසේවෙතත් ඉන්දියාව, ඕස්ට්‍රෙලියාව සහ එංගලන්තය යන රටවලට තවදුරටත් සාම්ප්‍රදායික පස් දින ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට හැකි බවයි වාර්තා වන්නේ.
ඉකුත් දා සුප්‍රකට ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ සාකච්ඡා අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා විසින් මෙම අදහස ඉදිරිපත් කර තිබෙනවා.
කුඩා ජාතීන්ට වැඩි ටෙස්ට් තරග ගණනක් ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි කටයුතු සැලැස්වීමේ අරමුණින් මෙය සිදු කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
Social Plugin