මැතිව්ස්ට විරාට් කෝලිව අභිබවා යෑමට අවස්ථාවක්


මෙරටින් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන අවසන් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඊයේ(18) ආරම්භ වුණා.

මැතිව්ස්ට අවසන් ටෙස්ට් තරගයේදී විරාට් කෝලි සහ මොහොමඩ් අසරුදීන් අභිබවා යාමට අවස්ථාවක් උදාවී තිබෙනවා.

ඉන්දීය හිටපු නායකයෙකු වන මොහොමඩ් අසරුදීන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ලකුණු 15,593ක් රැස්කිරීමට සමත් වී තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ජාත්‍යන්තර ලකුණු 15,499ක් රැස්කර තිබෙන අතර ඒ අනුව අසරුදීන් අභිබවා යන්නට මැතිව්ස්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 95ක් පමණි.

එමෙන්ම ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සිය මවුබිම තුළදී ටෙස්ට් ලකුණු 4336ක් රැස්කිරීමට සමත්ව තිබෙන අතර මැතිව්ස් මේ වන විට ශ්‍රී ලංකාව තුළදී ලකුණු 4323ක් රැස්කර තිබෙනවා.

ඒ අනුව මැතිව්ස්ට කෝලිව අභිබවා යෑමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 14ක් පමණි.