ග්ලේන් මැක්ස්වෙල්ගෙන් යක්ෂ ගැහිල්ලක්


මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Washington Freedom හා  Los Angeles Knight Riders කණ්ඩායම් අතර තරගය ඊයේ(17) පැවැත්වුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Washington Freedom කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 208ක් රැස් කළා.

එහිදී වේගවත් ඉනිමක් දියත් කළ කණ්ඩායම් නායක ග්ලේන් මැක්ස්වෙල් පන්දු 45කින් ලකුණු 106ක් රැස් කළේය. ඔහු සිය ඉනිමේ අවසන් පන්දු 34 තුළඳී පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු 95ක් රැස් කර ගැනීමට සමත් විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 13ක් හා හතරේ පහර 2ක් අන්තර්ගත විය.

පිළිතුරු ඉනිම දියත් කළ Los Angeles Knight Riders කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 3ක් තුළදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 95ක් පමණි.