පළමු දිනයේ වැඩි වාසි බංගලාදේශයට! සිව්වන කඩුල්ලට නොබිදුණු ලකුණු 247ක සබඳතාවයක්!


සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (17) නිමාවට පත් වුණා.

තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 292කි.

අද පෙරවරුවේ මුල් පන්දුවාර 17 තුළ දී ලකුණු 45ක් තුළ සිය මුල් කඩුළු 3 බිඳ වැටී තරමක් අසීරු තත්ත්වයක බංග්ලාදේශ පිල පසු වුවද, ඉන්පසු පිටියට පිවිසි නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ මුෂ්ෆිකර් රහිම් දිනය නිමා වන විට නොබිඳුණු ලකුණු 247 ක සබඳතාවක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත්වූයේය. එහිදී නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 136ක් සහ මුෂ්ෆිකර් රහිම් ලකුණු 105 ක් ලෙසින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු දෙකක් බිඳ හෙලීය.