ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැනුම්දීමක්

 


ඇන්ජිලෝ මැතිවුස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ ක්‍රීඩා කරන අවසන් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නව අදියරේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබෙනවා.

ගේට්ටු අංක 4න් ක්‍රීඩාංගණයට ඇතුළු වීමෙන් නොමිලයේ තරගය නැරඹීමේ අවස්ථාව ඔබටත් හිමිවනු ඇතියි.