ICC ටෙස්ට් ලෝක කුසලානයේ මීළඟ අදියර වන 2025 - 2027 තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව හෝ එංගලන්තය සමග තරගාවලියක් සැලසුම් කර නොමැති බව වාර්තා වේ.
මීළඟ ටෙස්ට් ලෝක කුසලානය තරගාවලි 27ක් යටතේ තරග 71ක් පැවැත්වීමට නියමිතය.
එම තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ලබයි.
මෙහිදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරගාවලි 6කට සහභාගි විය යුතුව ඇත.
ඒ අනුව මීළඟ ටෙස්ට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමද ටෙස්ට් තරග 12කට මුහුණදීමට නියමිතය.
එහිදී ඔවුන් බංග්ලාදේශය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ නවසීලන්තය සමගින් ක්‍රීඩාකරනු ලබයි.
එම තරග සැලසුම අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියා සහ එංගලන්තය සමග ටෙස්ට් තරගාවලි සංවිධානය කර නොමැත.
Social Plugin