හිතේ ලෙඩේට ශරීරය මොනවා කරන්න ද?
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නියේජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තෙවන වරටත් ලකුණු සියයට අඩුවෙන් දැවී ගියා.මේ තරගාවලියේ තෙවන පරාජය මෙන්ම තවමත් ලකුණු සියයක් ලබා ගැනීමට නොහැකි වීම හරහා ඔවුන් පසුගිය කාලයේ ගොඩ නඟාගත් කීර්තිය මේ වන විට පෙරළා ඔවුන්ටම පීඩනයක් බවට පත් වී තිබෙන බව පෙන්වනවා.මේ ජයත්‍රහණය හරහා ගොඩ නැඟෙන අධි විශ්වාසය සුළු තැනකින් හෝ පළුඳු වුවහොත්,නැවත එය යථා තත්ත්වයට පත් කිරිම භෞතික පුහුණුවෙන් පමණක් කළ නොහැකි බව අප දෙවන පරාජයේදීම සිහිපත් කළා.ශාරිරිකව යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමට ලිහී ගිය මනසකින් ක්‍රීඩා කිරීම සහ වෙනත් මොහොතවල්වලට අදාළ නොවන ජයග්‍රහණය ගැන තමන් තුළ ඇති විශ්වාසයට වඩා,අනෙකා තමන් ගැන තබා තිබෙන විශ්වාසය ඔවුන්ට පීඩනයක් ලෙස දැනෙන බවත් අප පෙන්වා දුන්නා.
ඇත්තම තත්ත්වයට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යනු ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි අන්දමේ හැකියාව ඇති කණ්ඩායමක් යන්න මේ පරාජයන්ගෙන් නිශේධනය වන්නේ නැහැ.එහෙත් පරාජයන්ගේ හේතුව නොදන්නේනම් ජයග්‍රහණයට යළි පිවිසීමට නොහැකි මට්ටමට ඔවුන් ව්‍යාකූල විය හැකියි.ඒ නිසාමයි අප ඉන්දියානු තරගයට පෙර පැවති දින කිහිපයක විවේකය සඳහා මානසික අභිප්‍රේරණය වෙනුවෙන් උපදේශන අවශ්‍යයතාවය අප විසින් පෙන්වා දුන්නේ.ඒ සඳහා කතාවේ හැකියාව ඇති,ක්ෂණීකව ප්‍රතිපලයක් අපේක්ෂා කළ හැකි භාතිය අර්ථනායක වැන්නෙකු මේ මොහොතට වඩාත් පලදායී විය හැකි බවත් අප පෙන්වා දුන්නා.
අප මේ තත්ත්වය අවබෝධ කර ගන්නට තිබුණේ අයර්ලන්ත සංචාරයේදී ජය හා පරාජය විසඳුණු ආකාරය ගැන සිතමින්.එහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයට අලුතෙන් එක් වූ ශතකලාභිණියන් දෙදෙනා ගැන යොමු කළ අවධානය වෙනුවට කණ්ඩායම ලද පරාජය පිළිසකර කර ගැනීමේ වගකීම ගැන අවධානය යොමු කළ යුතුව තිබුණා.ඒ ලිහී යාම දිගින් දිගටම අවිඥානිකව කණ්ඩායම් සඟයන් ඇතුළේ යම් කිසි පීඩනයක් සහ ලෝකයම බලා ඉන්න මොහොතක පරාජය වීමේ අවදානමක් සහ භීතියක් ඇති කරන්නට ඇති බව තරගාවලිය දෙස බලා සිටීමේදී සහ පරාජයන් අධ්‍යයනය කිරීමේදී දැනෙන දෙයක්.
මේ තත්ත්වය වෙනස් කර ගන්න මම පුහුණුවේදි පන්දු මෙපමණ ප්‍රමාණයක් යැව්වා හෝ මෙපමණ වෙලාවක් මම පුහුණුවේදි පන්දුවට පහර දුන්නා කියන සාධක මත විසඳෙන්නේ නැහැ.ඒ පුහුණුවේ සිටම ආකල්පමය වශයෙන් විය යුතු වෙනස ගැන අපට දැක්මන් සහ කල්පනාවක් තිබිය යුතු වෙනවා.අතින් ගත් පිත්තකින් සහ පන්දුවකින් කරන සෙල්ලමක් නොව සිත සහ කය සමබරව විද්‍යාත්මකව හැසිරවිය යුතු ක්‍රීඩාවක් යන්න සිතීම වෙනම අභ්‍යාසයක්.ඇත්තටම ක්‍රීඩාව කියන්නේ සෙල්ලමකට වඩා බරපතල මෙහෙයුමක් සහිත දෙයක් බව අප මෙනෙහි කළ යුතු වෙනවා.වැදගත් එයයි.
මේ සමබරතාවය බිදීමෙන් අසමසම දේ සිඳු කරන්නට ඇති හැකියාව මොට වෙනවා.සමහර විට ඉතාම සාමාන්‍ය දේවල් පවා අවිශ්වාසය නිසා වැරදෙනවා.ඊයේ තරගයේ දී මෙන්ම මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් අතින් ගිලිහෙන පන්දුවලට හේතුව අසමත්කම හෝ අදක්ෂකම ලෙස නොගත යුත්තේ ඒ නිසයි.හර්ෂිතා මාධවී වැනි ක්‍රීඩිකාවක් ඉන්දීය විශාල ලකුණු පූවරුව කිසිසේත්ම මායිම් නොකර ආසියානු කුසලාන අවසාන තරගයේදී පන්දුවට පහර දෙන්නට පැමිණි මොහොත සහ මේ තරගයේදී පැමිණි මොහොත අතර වෙනස්කම් භාහිරව වුවත් කියා ගන්නට බැරිද? වෙනසක් ඇත්නම් එකම ආසන්න ලකුණු ප්‍රමාණයක වෙනස් ප්‍රතිචාර දැක්වෙන්නේ ඇයි?දඹුල්ල සහ ඩුබායි අතර වෙනස්කමකින් ද?
මෙම බිඳවැටීමේ නරකම ප්‍රතිපලය අපට ලැබුණේ ඉන්දියාවෙන්.තවමත් සිත තුළ හොල්මන් කරන ආසියානු කුසලාන ජයග්‍රහණයේ මිහිර සහ එහිදී සිඳු වූ ඉන්දියාව පරාජය කිරීම ගැන මතක අතරට ඉන්දියාව ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් තරගයක දී ලද වාර්තාගත දැවන්තම ජය ශ්‍රී ලංකාවට එරෙහිව ලබන්නට තරම් වර්ධනය වීම අධ්‍යයනය කළ යුතු වැඩක්.විශේෂයෙන් ඉන්දියාව තමන්ට අත් විඳින්නට වූ පරාජයක පීඩනයක් අසළකටවත් වැද්ද නොගෙන දැඬි විශ්වසනීයත්වයකින් සැළසුම් සහගතව තරගයට පිවිස තිබීම ගැන හිතාගන්නට,චමරි අතපත්තු දවා ගැනීම සඳහා ස්ලිප් හී අටවන ලද උඟුලම ප්‍රමානවත් නොවන්නේද?
කෙසේ නමුත් මේ පරාජයන්ගෙන් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් නවත්තන්නට බැහැ.යළිත් මීට වසර ගණනකට පෙර තිබුණු පරාජය ෂුවර් වැනි තත්ත්වයකට යන්නත් බැහැ.මීට පෙර ශෂිකලා සිරිවර්ධන යටතේත් ලෝක කුසලානයක ඉතා ඉහළ දස්කම් දැක් වූ කාන්තා කණ්ඩායමක් සිටියා.එම කණ්ඩායම කඩා වැටෙන්නට දී බලා සිටියාට වඩා වෙනස් තත්ත්වයක් චමරි අතපත්තුගේ කණ්ඩායමට තිබෙනවා.වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔවුන්ගේ දක්ෂතා වර්ධනයට සහ ජයග්‍රහණවලට පිටුපසින් සිට ලබා දුන් දිරිය සවිය වචනවලින් විස්තර කළ නොහැකියි.ඒ නිසා මේ මොහොත ඉතාම සියුම්ව කියවා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය ද යොමු විය යුතුයි.
වඩාත් උනන්දුවෙන් ලංකාවේ කාන්තා ක්‍රිකට් දිහා හැරී බැලූ බොහෝ පිරිස් ඒ දෙසට හැරුණේ ක්‍රිකට් වෙනුවෙන් නොව ජයග්‍රහණවලින් තමන් ලද ආස්වාදය වෙනුවෙන් බව මේ වන විටත් සමාජ මාධ්‍ය දෙස බලද්දි පෙනී යන කරුණක්.මේ තත්ත්වය ඉදිරියේදී තව දුරටත් ක්‍රීඩිකාවන්ට පීඩනයක් ඇති කරන්නට පුළුවන්.ක්‍රීඩාමය සංස්කෘතියක් නොතිබෙන රටක ජය පරාජය, ඊට බලපාන මොහොත කිනම් ආකාරයක් ගන්නේ ද ආදි කරුණු සැළකිල්ලට ගන්නා විචාරයන් සිඳුවන්නේ අඩුවෙන්.මේ නිසා මේ මොහොත ඉතාමත් සැහැල්ලුවෙන් කළමණාකරනය කර සිතට ඇවැසි ඔසු කවරේද යන්න නිගමනය කළ යුතුයි.
ඒ සඳහා පොළවට තදින් බද්ධ බස සහ එහි රස ඇති ගුණ ඇති පුද්ගලයෙකු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.සිඳු වූ පරාජයන් මොහොතින් මොහොත ඊට මුහුණ දෙන්නට තිබුණු වෙනස් ආකාරයන් සහ එසේ වෙනස් නොවන්නට ක්‍රීඩකයාට අවිඥාණිකව කුමක් බලපාන්න ඇත්තේ ද යන්න ගැනත් අවධානයට ලක් කළ යුතුයි.එසේම මේ තරගාවලියේ දී පීඩනය යම් ආකාරයකට දුරින් තබා ගෙන ක්‍රීඩා කරන බව පෙන්නූ අනුශ්කා සංජීවනීට චමරි අතපත්තුගේ සමුගැනීමෙන් ඉනික්බිති නායකත්වය දැරීමට සෑහෙන කාලයක් ඉතුරු වන්නේදැයි සිතා බැලිය යුතුයි.වරක් උප නායකත්වයට කැඳ වූ හර්ෂිතා මාධවී එම තැන පිහිටුවා ක්‍රියා කිරීම වැදගත් යන්න ඉහළින් කල්පනාවට ගත යුතුව තිබෙනවා.
ඊට උදාහරණය ඊයේ ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා ප්‍රදර්ශණය කළා. ඇය කොවුර් යටතේ කාලයක් උප නායිකාව මෙන්ම කොවුර්ගෙන් පසු කාලයක් නායිකාව ලෙස රැදී සිටිය හැකි වයස් පරතරයක් ඇතිව සිටිනවා.ඇය කොවුර්ගෙන් උඝත් පාඩම් ඊයේ නායිකාවක ලෙස පුදුම සැහැල්ලුවකින් සහ විශ්වාසයකින් සහ සුහදත්වයකින් කණ්ඩායම සමඟ බෙදා ගත් ආකාරය ඇය ලොව පතල පිතිකාරිණියක පමණක් නොව නායිකාවක ද විය හැකි බවට ඉඟි පළ කළා.
ලෝක කුසලාන ඉතිහාසයේ දැවන්තම පරාජය ලෙස ලකුණු 82 න් පරාජයට පත් වූ තරගයේ දක්ෂතා පහත සඳහන් ලකුණු සටහනෙන් නිශ්චය කර ගැනීමට හැකියි.
https://es.pn/3Bx3mpB
SOURCE: NMR (Journalist)
Social Plugin