ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයෙකුට එංගලන්ත තරගාවලිය අහිමි වෙයි


ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට එළැඹෙන එංගලන්ත ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත්තේ, ඔහු මෙම තරගාවලියේදී විවේක ගන්නා ඇති බවයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ලබන 22 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට හිමිව ඇති අතර, එම සංචිතයට ක්‍රීඩකයින් 15 ඇතුළත් බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

පාකිස්ථානය සමග අවසන් වූ විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂාන් හේමන්ත සහ දුනිත් වෙල්ලාලගේ ද මෙම සංචිතයට ඇතුළත්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සංචිතය තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නැහැ.