19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපානයට එරෙහිව අද (17) පැවති තරගයේදී ලෝක වාර්තා කිහිපයක් අලුත් කරමින් ලකුණු 387ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ශ්‍රී ලංකාව මෙම ලකුණු සංඛ්‍යාව රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දිමන්ත මහාවිතාන සහ විරාන් චමුදිත එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 328ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. මෙය යොවුන් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාව ලෙස ඉතිහාසයට එක් වේ.
මීට පෙර 2016 වසරේදී පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු 303ක සබඳතාවක් ගොඩනගමින් තබා තිබූ ලෝක වාර්තාව අද මොවුන් දෙදෙනා හමුවේ බිඳ වැටුණි.
මෙම තරගයේදී අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාන් චමුදිත පන්දු 192ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව යොවුන් ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඔහු සමත් විය.
- විරාන් චමුදිත: ලකුණු 192
- පැරණි වාර්තාව: ලකුණු 191 (හසිත බෝයගොඩ – 2018 වසරේ කෙන්යාවට එරෙහිව)
මීට අමතරව දිමන්ත මහාවිතාන ද අගනා ශතකයක් රැස් කරමින් ලකුණු 115ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළේය.
පන්දු යැවීමේදී ජපාන කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ තිමෝති මුවර් ලකුණු ලබා දීම පාලනය කරමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

Social Plugin