පාකිස්ථාන, ශ්‍රී ලංකා, සිම්බාබ්වේ T20 තුන්කොන් තරගාවලිය අදින් ඇරඹෙයි


පාකි­ස්තා­නයේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (18) රාව­ල්පි­න්ඩි­හිදී ආරම්භ වනවා.

සත්කා­රක පාකි­ස්තා­නය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ මේ තර­ගා­ව­ලි­යට එක් වන අතර, තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් අද (18) පාකි­ස්තා­නය සහ සිම්බාබ්වේ පළමු තර­ග­යට එක් වෙයි.

ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ කණ්ඩා­ය­මට එරෙ­හිව අනිද්දා (20) මේ තර­ගා­ව­ලියේ පළමු තර­ග­යට එක් වන අතර, 22 වැනිදා පාකි­ස්තා­න­යට එරෙ­හිව, 25 වැනිදා සිම්බා­බ්වේට එරෙ­හිව සහ 27 වැනිදා පාකි­ස්තා­න­යට එරෙ­හිව මූලික වටයේ තර­ග­ව­ලට එක් වනවා.

තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගය මේ 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.