T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක් - 2026 T20 ලෝක කුසලානයට අපෙන් ග්‍රවුන්ඩ් තුනක්


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) 2026 විස්සයි20 පිරිමි ලෝක කුසලාන පිළිබඳ පූර්ව සූදානම නිකුත් කර තිබේ. තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවගේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, ඉන්දියාවේ අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි නගරවල තරගය සකස් කර ඇත. ශ්‍රී ලංකාවේ කොළඹ R. ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ තෝරාගෙන තිබේ.

කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර ඇති කරගත් එකඟතාව අනුව, ඔවුන්ගේ රටක් සත්කාරකත්වය දරන අවස්ථාවකදී මධ්‍යස්ථ ස්ථානයකදී ක්‍රීඩාකරනු ලබයි.

ඒ හේතුවෙන් පාකිස්තානය ඔවුන්ගේ සියලුම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන අතර, ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

තරගාවලිය පෙබරවාරි 7 සිට ආරම්භ වන අතර, මාර්තු 8 දින අහමදාබාද් Narendra Modi Stadium හි අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් 20ක්, කාණ්ඩ 4කට බෙදී තරග කරනු ලබන අතර, ඉහළ කණ්ඩායම් සුපිරි අට අදියර සහ අවසන් වටයට පත්වේ.

සුදුසුකම් ලබන රටවල් අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, අයර්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, නේපාලය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නැමීබියාව, සිම්බාබ්වේ සහ අමෙරිකාව ඇතුළත්ය.