විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල උඩට ආ වනිඳු හා නුවන්


ජාත්‍යන්තර විස්සයි විස්ස (T20) පන්දුයවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර තවත් එක් ස්ථානයකින් ඉදිරියට පැන ඇත.

ඒ අනුව, වනිඳු හසරංග පස්වැනි ස්ථානයෙන් සිව්වන ස්ථානයට, සහ නුවන් තුෂාර සත්වැනි ස්ථානයෙන් හයවන ස්ථානයට ඉදිරියට පැමිණ තිබේ.