ක්‍රිකට් ලෝකයට අලුත් වාර්තාවක්



ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව ඇත.

මෙය ඉන්දුනීසියාව, මියන්මාරය හා ටිමෝර්-ලෙස්ටේ අතර බාලි දූපත්හිදී පැවැති තුන්කෝණ T20 තරගාවලියේදී ඉන්දුනීසියාවට එරෙහිව සිදුවිය.

මෙලෙස ක්‍රීඩාකර ඇත්තේ මොහොමඩ් සුහයිල් සත්තාර් (50) හා ඔහුගේ පුත්‍රයා වන යායා සුහයිල් (17) නම් පිය-පුතු යුගලයයි.

කෙසේ නමුත් මෙම තරගයේ දී ටිමෝර්-ලෙස්ටේ කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබීය.