ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 299ක් රැස් කළා.

පාකිස්තානය වෙනුවෙන් සල්මන් ආගා නොදැවී ලකුණු 105ක්, හුසේන් තලාත් ලකුණු 62ක්, ෆකාර් සමාන් ලකුණු 32ක් සහ මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 36ක් ලබා දායක වූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත් අතර තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300ක ඉලක්කයක් නියම වී තිබේ.