ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙන දවස නිවේදනය කරයි


පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලබන වසරේ පැවැත්වෙන FIFA ලෝක කුසලානය තම අවසන් තරඟාවලිය වන බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

40 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ, ජාත්‍යන්තර සහ සමාජ ක්‍රීඩා තරගවලදී ගෝල 950කට වැඩි සංඛ්‍යාවක් ලබා ඇති බවද සදහන් වේ.

ඔහු තවත් වසරක් හෝ දෙකක් තුළ පාපන්දු ක්‍රීඩාවෙන් සම්පූර්ණ විශ්‍රාම ගැනීමට සැලසුම් කර ඇති බවද සඳහන් කර ඇත.

සෞදි අරාබියේදී අද (11) මාධ්‍යට අදහස් දක්වමින් රොනාල්ඩෝ මේ බව පවසා තිබේ.

එහෙත්, 2026 ලෝක කුසලානය පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝ සඳහා පෘතුගාලය තවමත් සුදුසුකම් ලබා නොමැති අතර, එම අවස්ථාව තහවුරු කර ගැනීමට ඔවුන් බ්‍රහස්පතින්දා අයර්ලන්තය පරාජය කළ යුතුය.