ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස සැලකෙන චමින්ද වාස්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත Abu Dhabi T10 තරගාවලියේ නව වන වාරය සඳහා Northe Warriors කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.Northe Warriors කණ්ඩායම නිල වශයෙන් මෙය නිවේදනය කර ඇත්තේ, "Master of swing, now shaping our winning moves" යන සටන් පාඨය සමඟින්.
චමින්ද වාස් T10 ආකෘතියේ පුහුණුකරණ කටයුතු සම්බන්ධයෙන් පළපුරුදු පුහුණුකරුවෙක් ලෙස සැලකෙන අතර ලීග් කිහිපයක පුහුණුකරණ සහ උපදේශක තනතුරු දරා තිබෙනවා.
Northe Warriors යනු Abu Dhabi T10 ලීගයේ ප්‍රබල කණ්ඩායමක් වන අතර, ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වේගවත් හා සටන්කාමී ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කිරීමයි.
ඔවුන් මීට දින කිහිපයකට පෙර විනෝදාත්මක ලෙස "නිල සමාව අයැදීමේ නිවේදනයක්" නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඔවුන්ගේ පිතිහරණය හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට නිශ්ශබ්දව සිටීමට නොහැකි වනු ඇති බවයි.

Social Plugin