ඕක්ලන්ඩ් හිදී අද (6) පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර ලකුණු 3කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් සත්කාරක නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5ක් දවාගෙන ලකුණු 207ක් රැස් කළා.
එම ඉලක්කය පසුපස හඹාගිය බ.ඉ. කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී ලකුණු 204ක් පමණක් රැස් කිරීමට හැකිවූ අතර, තරගය ලකුණු 3කින් නවසීලන්තය ජයගත්තා.
කොදෙව් කණ්ඩායම අවසන් පන්දුවාර 5 තුළ ලකුණු 87ක් රැස් කරමින් විශිෂ්ට පන්දුහාරයක් දැක්වූවත් ජයග්‍රහණය කරා යාමට නොහැකි විය.
මෙය පූර්ණ සාමාජික රටවල් දෙකක් අතර පැවති විස්සයි20 තරගයකදී අවසන් පන්දුවාර 5 තුළ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවට එක්වීය.
පෙර වාර්තාවද ඔවුන් සතු වූ අතර, එය 2023දී එංගලන්තයට එරෙහිව ලකුණු 86ක් රැස්කිරීමකි.
තරග 5කින් සමන්විත තරගාවලිය මේ වනවිට තරග 1-1කින් සම තත්ත්වයක පවතී.

Social Plugin