බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) විසින් හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල් බංග්ලාදේශ කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.
අෂ්රෆුල්, බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග 61ක්, එක්දින තරග 177ක් සහ විස්සයි විස්ස තරග 23ක් ක්‍රීඩාකර ඇති අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන අතර, ඔහු එළැඹෙන දෙසැම්බර් මාසයේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් පටන් ගනිමින් පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Social Plugin