ක්වින්ටන් ඩි කොක් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

 


දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කොට තිබෙනවා.

ඒ අනුව එළඹෙන පාකිස්තාන තරග සංචාරයට අදාළ එක්දින සහ විස්සයි විස්ස සංචිතයට ක්වින්ටන් ඩි කොක් කැදවා තිබෙනවා.

ඩි කොක් අවසන් වරට 2023 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාව වෙනුවන් එක්දින තරගයක් ක්‍රීඩා කළ අතර 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේදී ඩි කොක් අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කොට තිබෙනවා.

32 හැවිරිදි ඩි කොක් එක්දින පිටිය තුළ තරග 155කදී ලකුණු 6770ක් සහ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ තරග 92කදී ලකුණු 2584ක් රැස්කිරීමට සමත් වී තිබෙනවා.