ධාවන පථයට සමුදුන් ලෝක ශූරිය


ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කාන්තා ධාවන ශූරියන් අතරින් කෙනෙකු වන ෂෙලී-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස් සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීම ඊයේ (21) සටහන් කර තිබෙනවා.

වසර 15කට අධික කාලයක් ධාවන පථයේ තම ආධිපත්‍යය පවත්වාගෙන ගිය ජැමෙයිකනු ධාවන ශූරිය ෂෙලී-ඈන් (Shelly-Ann) ටෝකියෝහිදී පැවැති ලෝක ශූරතාවලියේ 4x100m සහය දිවීමේ අවසන් තරගයෙන් රිදී පදක්කමක් දිනාගනිමින් සිය ක්‍රීඩා දිවියට සමුදුන්නා.

ඇයගේ අවසන් තරගයද පළමු ලෝක ශූරතා තරගය මෙන්ම රිදී පදක්කමකින් නිමා වීම විශේෂත්වයක්.

ඇයගේ ක්‍රීඩා දිවියේ වඩාත්ම සුවිශේෂී ලක්ෂණයක් වන්නේ දීර්ඝකාලීන සාර්ථකත්වයයි.

2008 බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගත් දා සිට 2025 දක්වාම ඇය ලෝක මට්ටමේ ඉහළම දස්කම් පෙන්වීමට සමත් වුණා.