ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින තරගාවලිය පැවැත්වෙන දින නිවේදනය කරයි


ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් වෙනුවන් පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තරගාවලිය පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම එක්දින තරග තුන එළඹෙන නොවැම්බර් මස 11, 13 සහ 15 යන දිනවල රාවල්පිණ්ඩි හිදී පැවැත්වීමට නියමිතයි.