ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක රොස් ටේලර් සැමෝවා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් යළිත් ක්‍රිකට් පිටියට අවතීර්ණවීමට තීරණය කර තිබේ.
ඒ ඔහුගේ මව ලෝට්ගේ උපන් රටවන සැමෝවා ජාතික කණ්ඩායම නියෝජනය කරමින්ය.
එළැඹෙන 2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ 'ආසියා-නැගෙනහිර ආසියා-පැසිෆික්' සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩාකරන සැමෝවා සංචිතය අද (5) නම්කළ අතර, ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ රොස් ටේලර්ගේ නමද ඇතුළත්ව තිබුණි.
මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඕමානයේ දී පැවැත්වීමට නියමිත අතර, එය සැමෝවා කණ්ඩායමට ලෝක කුසලාන වරම් හිමිකරගැනීමට ඇති අවසාන පියවර ද වේ.
නවසීලන්ත පියෙකු හා සැමෝවා මවකදාව උපන් හෙයින් රොස් ටේලර්ට සැමෝවා සම්භවයක් තිබේ.
Social Plugin