ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති සමාරම්භක තරගයේදී හොංකොං පිල පරදා ලකුණු 94ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.එක්සක් අරාබි එමිර් රාජ්‍යයේදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 188ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි.
මෙම තරගාවලියේ ඒ කාණ්ඩයේ යටතේ එක්සත් අරාබි එමීර් සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙනවා.
Social Plugin