යොවුන් ක්‍රීඩක විශේන් හැළඹගේට හා එෂාන් මාලිංගට ජාත්‍යන්තරයෙන් ඇරයුමක්


දකුණු අප්‍රිකාවේ SA20 තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙක් තෝරා‍ගෙන ති‍බෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන විශේන් හැළඹගේ සහ එෂාන් මාලිංග Paarl Royals කණ්ඩායම සඳහා තෝරාගෙන ඇති බවයි සඳහන් ‍වෙන්නේ.

එහිදී ඊයේ (09) පැවති ක්‍රීඩක වෙන්දේසියේදී විශේන් හැළඹගේ ඇමරිකානු ඩොලර් 11,000 කට (රුපියල් මිලියන 3.3) සහ එෂාන් මාලිංග ඇමරිකානු ඩොලර් 55,000 කට (රුපියල් මිලියන 16.5) මිලදී ගෙන ඇති බව සඳහන්.