ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙටින් ඇරඹෙයි! කාලසටහන මෙන්න!


2025 ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙට (09) සිට ආරම්භ වනවා.

එම තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය සඳහා කණ්ඩායම් 08 ක් තරග කරන අතර, A සහ B යන කාණ්ඩ දෙක යටතේ මූලික වටයේ තරග පැවැත්වෙනවා.

A කාණ්ඩයට ඉන්දියාව, ඕමානය, පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අයත් වන අතර, B කාණ්ඩයට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාව අයත් වනවා.

තරගාවලිය ආරම්භ කරමින්, B කාණ්ඩය නියෝජනය කරන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පළමු තරගය පැවැත්වෙන අතර, තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

කාලසටහන පහතින්,