යෙවාන් ඩේවිඩ් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

 


යුරෝ ෆෝමියුලා විවෘත ශූරතාවලියේ ස්පාඤ්ඤ අදියරේ පළමු තරගය ඊයේ  බාසිලෝනාහිදී පැවැත්වුණා.

මෙම තරගයෙන් දෙවන ස්ථාන හිමිකරගැනීමට ශ්‍රී ලංකා ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැන්නා සමග ඇති ලකුණු පරතරය ලකුණු 2ක් දක්වා අඩුකර ගැනීමට යෙවාන්ට හැකිවුණා.

යෙවාන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ  තෙවන ස්ථානය හිමිකරගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 265ක් හිමිකරගනිමින්. පළමු වැන්නා වන පෝලන්තයේ Tymek Kucharczyk ඔහුට වඩා ලකුණු 38ක් ඉදිරියේ පසුවනවා.