බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 21කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 167ක් පමණි.
තරග තුනකින් සමන්විත දෙරට අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට පැවැත්වීමට නියමිතය.
Social Plugin