ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගය කොළඹ?


කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ දින පිළිබඳ දැනුවත් කිරීමේ නිවේදනයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පෙරේදා (2) නිකුත් කළේය.

යම් හෙයකින් පාකිස්තාන කාන්තා කණ්ඩායම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලදහොත් ඔවුන් ශ්‍රී ලංකාවේදී තරග වැදීමට නියමිතය.

මූලික වටයේ තරග කාල සටහන තවමත් ප්‍රකාශයට පත්ව නොමැති අතර ඉන්දු පාකිස්තාන් දේශපාලන අර්බුධ හේතුවෙන් බොහෝ විට පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමටිඩ ඇති බව පැවැසේ.

දැනට පවතින තරග කාලසටහන අනුව තරගාවලියේ ආරම්භක තරගය සැප්තැම්බර් 30 වැනිදා බෙන්ගලුරු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී සත්කාරක ඉන්දීය කණ්ඩායම තරග වැදීමට නියමිතය. එයට සහභාගී වන අනෙක් කණ්ඩායම තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

ප්‍රථම අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 29 වැනිදා ගුවහාටි හී දී හෝ කොළඔදී පැවැත්වෙනු ඇත. දෙවැනි අවසාන් පූර්ව තරගය බෙන්ගලුරු හී දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය බෙන්ගලූරු හෝ කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රථම අවසන් පූර්ව තරගය සහ අදාළ අවසන් මහා තරගය කොළඹදී පැවැත්වීමේ තීරණය පාකිස්තාන කණ්ඩායම එම තරගවලට සුදුසුකම් ලැබීම මත තීරණය වනු ඇත.

මෙම තරගාවලියේ තරග ඉන්දියාවේ බෙන්ගලුරු, ගුවහාටි, ඉන්දෝර්, විසාකාපට්නම් යන ක්‍රීඩාංගණවලත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.