ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ පලමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පලමු ඉනිම නිමාවට පත් කරමින් සියල්ලන් දැවී ලකුණු 495ක් ලබා ගත්තා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක නජ්මුල් ෂැන්ටෝ ලකුණු 148 ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 163 ලබා ගත්තා.
ලිටන් දාස් ලකුණු 90ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් ද මිලාන් රත්නායක සහ තරිදු රත්නායක අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.
අද තරඟයේ තෙවන දිනයයි.
Social Plugin