එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට


එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා සහභාගී වීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

කණ්ඩායම නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් සමන්විත 28 දෙනෙකුගෙන් යුක්තය.

එංගලන්ත කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව ගුවන්තොටුපොළේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා තිබූනි.

මෙම සංචාරයේදී දෙරට අතර එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට නියමිතය.

කොළඹ ආර්.ප්රේමදාස ක්රීඩාංගනයේ දී එක්දින තරගාවලිය පැවැත්වෙන අතර විස්සයි විස්ස තරගාවලිය පැවැත් වෙන්නේ පල්ලෙකැළේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ දීයි.