ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක අවසන් සටන අදයි! ශ්‍රී ලංකාව ප්‍රබල තුරුම්පුවක් කැඳවයි!


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා තරගය අද (ජනවාරි 27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට දෙපිළම 1-1ක් ලෙස සම මට්ටමේ පසුවන බැවින්, හෙට තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමි වනු ඇත.

තරගයට පෙර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ප්‍රකාශ කළේ, ආබාධයකින් පසුව ප්‍රබල දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හෙට තරගය සඳහා කණ්ඩායමට එක්වන බවයි. වනිඳුගේ පැමිණීමත් සමඟ කණ්ඩායමෙන් ඉවත් වන ක්‍රීඩකයා කවුරුන්ද යන්න මාධ්‍යවේදීන් විමසා සිටියද, ඒ පිළිබඳ අවසන් තීරණය තවමත් ගෙන නොමැති බව නායකයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසලංක, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳවද කරුණු අනාවරණය කළේය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව, 2027 එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් තේරීම් කමිටුව සමඟ එක්ව නව ක්‍රීඩකයින් අත්හදා බැලීමේ විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කරන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.