මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දක්වනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් පවසයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සතු දක්ෂතා අනෙක් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.
“කොළඹ, ගාල්ල හෝ නුවර වැනි ප්‍රදේශ දෙස බැලූ විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් බිහි කිරීමේ ව්‍යුහය ඉතාමත් ප්‍රබල බව පෙනෙනවා. ඔවුන් නිරන්තරයෙන් දක්ෂ ක්‍රීඩකයින් බිහි කරනවා. පසුගිය ලෝක මට්ටමේ තරගාවලිවලදී ඔවුන්ගේ සැබෑ දක්ෂතාවලට වඩා අඩුවෙන් දක්‍ෂතා පෙන්වා තිබුණත්, මේ කණ්ඩායම දැන් ඉහළ දක්ෂතා දැක්වීමට සුදුසුම කාලයට පැමිණ තිබෙනවා,” යැයි නසාර් හුසේන් වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන සහ අවසන් එක්දින තරගයා අද (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තහවුරු කළේ, කණ්ඩායමේ ශක්තිය වැඩිකිරීම සඳහා පා දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන දෙදෙනාම හෙට තරගයට ක්‍රීඩා කරන බවයි.
දෙපිළම මේ වන විට තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමේ පසුවන බැවින්, අද තරගය දෙපාර්ශවයටම ඉතා තීරණාත්මක වනු ඇත.

Social Plugin