සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (27) සමත් විය. ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්ත නායකයා තීරණය කළේය. දෙරට අතර පැවැති පළමු තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර දෙවන තරගය එංගලන්තය ජයගැනීම හේතුවෙන් මේ වන විට තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමේ පවතී. ඒ අනුව අද තරගයෙන් ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමි වනු ඇත.
මෙම තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනසක් සිදු කර ඇති බව නායක චරිත් අසලංක තහවුරු කළේය. ඒ අනුව ආබාධයක් හේතුවෙන් මූලික තරග දෙකම අහිමි වූ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අද තරගය සඳහා කණ්ඩායමට එක් කර තිබේ. හසරංගගේ පැමිණීම ශ්‍රී ලංකා දඟපන්දු බලඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වන බව ක්‍රිකට් විචාරකයෝ පවසති.
පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත මෙම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ වන විටත් ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටිති.
.png)
Social Plugin