ශ්රී ලංකා කණ්ඩායම අද (22) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක් ලබාගැනීමට සමත් විය. එමඟින් තරග 3කින් යුත් මාලාව 1–0කින් ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.
272ක ඉලක්කය පසුපස ගිය එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී 49.2 පන්දුවාර තුළ ලකුණු 252ක් පමණක් රැස් කළහ. බෙන් ඩකට් (62) සහ ජෝ රූට් (61) අර්ධ ශතක රැස්කිරීමෙන් ඉනිම ගොඩනගා තිබුණද අවසාන මොහොතේ ජෙමී ඔවර්ටන් (17 පන්දු 34) පමණක් බලාපොරොත්තුවක් ගෙන ආවේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර ප්‍රමෝද් මධුෂාන් (3/39), ජෙෆ්රි වැන්ඩර්සේ (2/39) සහ දුනිත් වෙල්ලාලගේ (2/41) දක්ෂතා දැක්වූහ.

Social Plugin