අයර්ලන්තය හා පෘතුගාලය අතර පැවැත්වෙන යුරෝපා කුසලාන සුදුසුකම් තරගයේදී පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝව රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළේය.
ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.
ඊයේ ඩබ්ලින් නුවරදි සිදු වූ තරගයේ 61 වැනි මිනිත්තුවේදී, අයර්ලන්ත දඬුවම් ප්‍රදේශයේදී ප්‍රතිවිරෝධී ක්‍රීඩකයෙකුට වැලමිටෙන් පහර දීම හේතුවෙන් රොනාල්ඩෝට මුලදී කහ කාඩ්පතක් ලබාදී තිබුණද, රූපවාහිනී විනිසුරු විමසුමෙන් පසු එය රතු කාඩ්පතක් බවට පත් කළේය.
මෙම නියෝගය අනුව රොනාල්ඩෝ තරගයෙන් ඉවත් වූ අතර ජාත්‍යන්තර පාපන්දු නීති අනුව ඉදිරි තරග 3 කටද තහනම් විය හැක. පෘතුගාලය සෘජුව 2026 ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවහොත්, ඔහුට මූලික වටයේ ප්‍රථම තරග දෙක අහිමි විය හැකි බවද වාර්තා වේ.

Social Plugin