ඉස්ලාමාබාද්හි මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් ඇති වූ ආරක්ෂක අවිනිශ්චිතතාවයෙන් කල්දැමුණු ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරගාවලියේ දෙවන ODI තරගය අද (14) රාවල්පින්ඩිහි ප.ව. 3ට ආරම්භ කෙරේ.
මෙම තරගය මුලින්ම පැවැත්වීමට තිබූ ඊයේ (13) දින, ආරක්ෂාව පිළිබඳ උද්ගත වූ බිය නිසා කල්දමා තිබුනි. පසුගිය 11 වැනිදා පළමු තරගය ආරම්භ වීමට මොහොතක් පෙර ඉස්ලාමාබාද් අධිකරණයක් ඉදිරියේ සිදුවූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් දේශය වෙත ආපසු පැමිණීමට තීරණය කළ අතර, තරගාවලිය පැවැත්වීම අර්බුදයකට පත්ව තිබුනි.
බලධාරීන්ගේ මැදිහත්වීමෙන් ආරක්ෂාව තහවුරු වූ පසුව, තරගාවලිය සිදුකරන ආකාරය පිළිබඳ අවසන් තීරණය ගෙන, සිම්බාබ්වේ කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සූදානම් වූ තුන්කොන් විස්සයි20 තරගාවලියටද ශ්‍රී ලංකා කණ්ඩායම එකඟතාව පළ කර තිබේ.
ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව මෙම සංචාරය අතහැර පැමිණීමට තීරණය කළේ නම් පාකිස්තාන තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිළිබඳ විශ්වාසය මත දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි.
මෙම නිර්භීත තීරණය සඳහා ශ්‍රී ලංකා රජයට, ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට සහ ක්‍රීඩකයින්ට පාකිස්තාන සෙනෙට් සභාව ඊයේ (14) කෘතඥතාව පත් කර තිබේ. තවද, ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ පුහුණු වැඩසටහනට පැමිණිය විට පාකිස්තාන ක්‍රීඩකයින් සහ පිරිසක් ඔවුන්ව උණුසුම්ව පිළිගත්තේය.

Social Plugin