ලංකාවේ 04 දෙනෙක්ට IPL කණ්ඩායම් අහිමි වෙයි


ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2026 තරග වාරය සඳහා ක්‍රීඩකයින් රඳවා ගැනීම හා මුදා හැරීම පිළිබඳ කණ්ඩායම් නිවේදන මේ වනවිට ප්‍රකාශයට පත් වෙමින් පවතී. එම අනුව ඉන්දීය සහ විදේශීය ක්‍රීඩකයින් රැසක් මේ වසරේදී තම කණ්ඩායම්වල ස්ථාන අහිමි කරගෙන ඇත.

මෙහෙයුමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුද IPL හි පසුගිය වසරේ දී නියෝජනය කළ කණ්ඩායම්වලින් මුදා හැර තිබේ.

මතිෂ පතිරණ  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මුදාහරිනු ලැබීය.වනිඳු හසරංග රාජස්තාන් රෝයල්ස් විසින් මුදාහැර ඇත.මහීෂ් තික්ෂණ ඒම රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම විසින්ම මුදාහැර ඇත.දසුන් ශානක  ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මුදාහැර ඇත.

එහෙත්,  ඉදිරි දෙසැම්බර් 16 වැනිදා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියල්ලන්ම ඉදිරිපත් කිරීමට නියමිතය.