කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අතිවිශිෂ්ටම ලකුණු හඹා යෑමක් සපයමින්, ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවා.
මුම්බායිහිදී පැවති ඔස්ට්‍රේලියාවට එරෙහි අවසන් පූර්ව තරගයේදී, ඉන්දීය පිතිකාරිය ජෙමීමා රොඩ්රිගස් අතිවිශිෂ්ට ලෙස නොදැවී ලකුණු 127ක් (පන්දු 134) රැස් කරමින් තරගය පුරා පන්දු හැසිරවීමේ හැකියාවෙන්ද, මානසික ශක්තියෙන්ද දායක විය.
ඇයගේ මෙම ඉනිම විචාරකයන් විසින් "ජීවිතයේ හොඳම ඉනිමක්" ලෙස විස්තර කර ඇත.
ඇයගේ ඉනිම මගින් ඉන්දියාව කාන්තා එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා යෑමේ වාර්තාවක් ලකුණු 339ක් සම්පූර්ණ කිරීමට සමත්වුණා.
ජෙමීමාගේ ක්‍රීඩා දිවියේ මෙම ඉනිම අලුත් පරිච්ඡේදයක් බව විචාරකයින් පෙන්වා දෙයි. මීට පෙර ඇය කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර, ඒ සමයේදී ඇය මානසික පීඩාවකින් විඳිමින් සිටියේය.
ඇය එම අවධිය ගැන සඳහන් කරමින් මෙසේ පැවසීය:
“මට දිනපතාම වගේ අඬන්න සිද්ධ වුණා. මානසිකව මම බරපතල තත්ත්වයක හිටියා. නමුත් මම හැමවිටම විශ්වාස කළේ ඔබ නිවැරදි චේතනාවෙන් දේවල් කරන්නේ නම්, දෙවියන් ඔබට ආශිර්වාද කරනවා කියලා. මේ දක්වා සිදු වූ සියල්ල මේ මොහොතට මග පෑ තිබුණා.”
ඇයගේ නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 76ක් සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් ලබා ගැනීම, ඇයගේ ආකර්ෂණීය “නැවත පැමිණීමේ කතාව” තවත් ශක්තිමත් කර ඇත.
ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඇලීසා හීලි (82) සහ ටාලියා මැග්‍රාත් (106) විසින් ලබාදුන් දක්ෂ ඉනිම් දෙක මගින් තරගය අභියෝගාත්මක වූවත්, ජෙමීමාගේ ඉනිම ඉන්දියාවට අවසන් මොහොතේ ජය ගෙන දුන්නා.

Social Plugin